🎙️ Python අලුත් පාඩම | ɴᴇᴡ ʟᴇssᴏɴ
℘ყɬɧơи 🐍 සිංහලෙන් 🇱🇰 |
*****************************************
සංස්කරණය- Kasun Madhusanka Jayasinghe
>> Python යනු පරිගණක ක්‍රමලේඛනය (computer programming) ඉගෙනගන්නා කෙනෙකු ට පහසුවෙන් අධ්‍යයනය කළ හැකි පරිගණක භාෂාව කි…😉
>> 1990 දශකයේ දී Guido van Rossum මහතා විසින් Python ක්‍රමලේඛන භාෂාව නිර්මාණය කරන ලදි. 1991 දී, Python 0.9.0 සංස්කරණය ලොව ට 🌎 එළි දක්වන ලදි…
>> වර්තමානයේදී භාවිතා වන නව්‍ය සංස්කරණය වන්නේ Python 3.7.4 සංස්කරණය යි. අ.පො.ස උසස් පෙළ - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරණ ශිෂ්‍ය / ශිෂ්‍යාවන් සඳහා නිර්දේශිත වන්නේ Python 3.+ වෙළුම (version) කි…
>> එය, www.python.org/downloads යන ලිපිනය හරහා බාගත කළ හැකි ය…😐
°°°°°°°°°°°°°°° ᏔᎬᏞᏟϴᎷᎬ °°°°°°°°°°°°°°°°°°
………………………………❤️……………………………………
>> පයිතන් ඉගෙනගැනීම ට පෙර, මූලික වශයෙන් පරිගණක ක්‍රමලේඛනය (computer programming) ගැන දළ අවබෝධයක් ලබා තිබිය යුතු ය… ඒ සඳහා පහත Link එක භාවිතා කර, ඊට අදාළ පොස්ටුව කියවන්න...
[ LINK :- https://m.facebook.com/groups/590763198001204?view=permalink&id=634887526922104 ]
…………………………………………………………………………
( මගේ Post කියවන ගොඩක් අය දන්නවා, මම කතාකරන භාෂාව (spoken Sinhala) use කරලා තමා ලිපි ලියන්නේ කියලා - අලුත් අයගේ දැනගැනීම පිණිස 😂)
>> Python වල වැදගත්කම ටිකක් බලලා ඉමුකෝ… 😮 Python කියන්නේ Cross-Platform Language එකක්… 😱😨😰
>> භය වෙන්න එපා ✋… Cross-Platform කියන්නේ මෙන්න මේකයි... අපි දන්නවා නේ, මෙහෙයුම් පද්ධති (operating systems) ගැන. ඔය Windows, OS X (mac OS), Linux Mint, Ubuntu, Fedora, Android, iOS වගේ ඒවා තමා මෙහෙයුම් පද්ධති කියන්නේ… ❤️🦁
දැන් Visual Basic කියන ක්‍රමලේඛන භාෂාව ගත්තොත්, ඒක Run වෙන්නේ Windows මෙහෙයුම් පද්ධතිය තුළ විතරයි. අපි ඒ වගේ ක්‍රමලේඛන භාෂා වල ට කියනවා, Platform Based Programming Languages කියලා… ඒ කියන්නේ, හැම Platform එකක ම Run වෙන්නේ නැහැ... Windows වල ක්‍රමලේඛනය කරන්න පුලුවන් Programming Languages, #OSX වල run වෙන්නේ නැහැ... OSX වල ක්‍රමලේඛනය කරන්න පුලුවන් SWIFT 🐦 වගේ Programming Languages, Windows වල run වෙන්නේ නැහැ…
මේක ලොකු අවාසියක්… මොකද, එක එක Operating System Platform වල ට අදාළ ව එක එක ක්‍රමලේඛන භාෂා ගැන ඉගෙනගන්න වෙනවා… හැබැයි හැම OS Platform එකක ම #run වෙන Programming Language එකක් තිබ්බොත් කොහොමද? 😍😘
එතකොට, Windows, OSX, Linux වගේ කුමන OS එක භවිතා කරත්, ක්‍රමලේඛනය කරන්න තියෙන්නේ එකම විදිහ ට… 😮😱 මෙන්න මේ වගේ හැම OS එකක ම #run කරන්න පුලුවන් Programming Languages වල ට අපි කියනවා Cross-Platform Programming Languages කියලා…🙄
>> දැන් තේරෙනවා ඇතිනේ, Python, Java වගේ ඒවා Cross-Platform Programming Languages ලෙස ගන්න පුලුවන්… අපිට අදාළ වෙන්නේ පයිතන් විතරයි නේ ✋😉
>> පයිතන් වල තව වැදගත්කමක් තමා, රැගෙන යා හැකි බව (portable)... ඒ කියන්නේ, Python වලින් ලියන ක්‍රමලේඛනය Machine Language එක ට පරිවර්තනය කරන්නේ නැතුව, #run කරන්න පුලුවන්… මං ඒ ගැන කලින් ලිපියෙන් වැඩිදුර කතා කරලා තියෙනවා… 😮
මේ නිසා, Windows වල Notepad භාවිතා කරලා ලියපු Python ක්‍රමලේඛනය, USB drive එකක ට දාගෙන ගිහිල්ලා, Linux තියෙන හරි OSX තියෙන හරි Computer එකකින් run කරන්න පුලුවන්... 😘😍
>> මේ වගේ වැදගත්කම් ගොඩක් තියෙනවා…
••• ෂිට්.... ප්‍රධාන වැදගත්කම අමතක වුණා නේ 😰😥🙄
>> ඒක තමා, 2019 උසස් පෙළ Exam එකේ MCQ 6 ක් 7 ක් විතර ආවේ Python වලින්... ව්‍යුහගත සහ රචනා කොටස් වලත් Python තිබුණා… එ් හින්දා A/L වල ට ගොඩක් වැදගත් 😂🤣😄😃😂😁…
°°°°°° පයිතන් පිළිබඳ මූලික කරුණු °°°°°°
•••••••••••••••••••••••••❤️•••••••••••••••••••••••••
>> දැන් තමා අපේ Real Topic එක ට ආවේ… 😁 පයිතන් කියන්නේ ටිකක් තද ට අවධානය යොමු කළ යුතු පරිගණක භාෂාව ක්… ඇයි මං එහෙම කියන්නේ❓
>> දැන් අපි ට 'x' කියන අගය 1 කියන අවස්ථාවේ 'KASUN' කියලා Display කරගන්න ඕනා කියලා හිතන්න... 😥
( මේ ගැන වැඩිය හිතන්න එපා ✋ … ඉස්සරහට මේවා සාකච්ඡා කරනවා… දැන ට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නේ… )
>> අපි Java පරිගණක භාෂාවෙන් මේ වැඩේ කරමු!… 🙄😮
#######################
if (x == 1){
System.out.println("KASUN");
}
#######################
දැක්කද, මට if කියන Keyword එක කෙලින් ම යටින් System.out.println(); කියලා ලියන්න පුලුවන් වුණා… හැබැයි Python වල එහෙම බැහැ… එ්කත් බලමුකෝ… ❓❤️
#######################
if x == 1:
…print("KASUN")
#######################
(සැ.යු - මෙහි '…' ලෙස දක්වා ඇත්තේ, යතුරු පුවරුවේ ⌨️ TAB යතුර තද කළ විට ලැබෙන ඉඩ ප්‍රමණය යි. එය Code එකේ කොටසක් නොවේ…) 👈❤️
දැක්කද, if එක ට පහළින් ඉඩක් තියලා තමා, "KASUN" කියන නම Print කරගන්න අදාළ code එක ලියන්න ඕනා… මේ ඉඩ තැබීම ට අපි කියන්නේ, #Text indentation කියලා… ඇයි මෙහෙම ඉඩ තියන්නේ කියලා අපි ඉදිරි ලිපි වලින් කතා කරමු ❤️👈
>> මේ ගැන වැඩිය හිතන්න එපා ✋ … මං ඔය කලින් කිව්වේ Exam එකේ දි වැදගත් වන පොඩි Point එකක් 😮 අපි ඒක ප්‍රායෝගික විදිහ ට ඉදිරි ලිපි වලින් කතා කරමු ‼️
************** 👆🙏💪 ******************
අද ටිකක් වැඩිපුර stuffs කතා කළා… අපි ඒ හින්දා ඊළඟ ලිපි වලින් වැඩිපුර විෂය කරුණු කතා කරමු 😮❤️………
👉 තේරුණේ නැති තැන් #COMMENT කරන්න…🏷️
👉 යාලුවන් ට දැනගන්න, #කුහක නැතුව #SHARE කරන්න… 🔃
ස්තුතිය 🙏
මම, කසුන් මධුසංක ජයසිංහ
If you want to comment with emoticon, please use the corresponding puncutation under each emoticon below. By commenting on our articles you agree to our Comment Policy
Show EmoticonHide Emoticon